Sunday, December 25, 2011

පෙන් එකෙන් වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කරමුද..??

මේකට නං 4GB පෙන් එකක් ඕනි වෙනව.
මොකද වින්ඩෝස් 7 DVD එකකනෙ තියෙන්නෙ..
වැඩේට බහිමුකො..

මේ විදිහට කරගෙන යන්න මං SCREEN SHOT එක්කම දාන්න්නං..

ඉස්සෙල්ලම පෙන් එක FORMAT කරගන්න වෙනව ඒක හින්ද PEN එකේ තියෙන ඒව බැකප් කරගන්න.

1.පෙන් එක USB එකට ගහල COMMAND PROMPT එකට යන්නකො
පාත් එකත් දෙන්නං

START>RUN>CMD
START>CMD
START>ALL PROGRAMS>ACCESSORIES>COMMAND PROMPT

2.දැං අපි යන්න ඕනි C:\Windows\System32 වලට (COMMAND PROMPT)එකෙන්
ඒකට මෙහෙම ගහන්න

cd C:\Windows\System32



3.ඊලඟට කියල DISKPART ගහන්න.



එතකොට තව වින්ඩෝ එකක් ඕපන් වෙනව මේ විදිහට..


ඒකියන්නෙ  COMMAND PROMPT වින්ඩෝ 2ක් තියෙනව.
දෙවෙනි වින්ඩෝ එක ආවට පස්සෙ පලවෙනි වින්ඩෝ එකේ අපිට ටයිප් කරන්න බෑ.

4.දැං මේහෙම ටයිප් කරන ENTER කොරන්ටකො

list disk

එතකොට මෙහෙම එනවා
ඕකෙ 3824MB වලින් පෙන්නෙන්නෙ  ඔයාගෙ  පෙන් එක (මම නං ගහල තියෙන්නෙ  4GB එකක්..)




දැං පෙන් එක SELECT කරගන්න

select disk 2

කියල කරන්න

ඊලහට ඒකෙ තියන ඒව මකන්න ඕනි ඒකට

clean කියල ගහල enter කරන්න.




ඔයාල දන්නවනෙ SYSTEM එකක් බූට් වෙන්නෙ PRIMARY PARTITION එකකින් නෙ ඒක හින්ද අපි මේ පෙන් එක  PRIMARY PARTITION  එකක් කරගන්න ඕනි
ඒකට  මෙහෙම ගහන්න

create partition primary




ඊලඟට ඒ PARTITION එක SELECT කරගන්න select partition 1 කියල ගහන්න

එතකොට මෙහෙම වැටෙන්න ඕනි
 Partition 1 is now selected partition







ඊලඟට ඒ PARTITION  එක BOOTABLE PARTITION එකක් ලෙස ACTIVE කරන්න 

active 

කියල ගහන්න

දැං pen  එක format කරන්න 
format fs=ntfs
කියල ගහන්න.මේකට ටික වෙලාවක් යනව.




ඊලඟට මේ අලුත් DRIVE එකට DRIVE LETTER
 එකක් ASSIGN කිරීමට assign කියල ගහල enter කරන්න



දැං ඕං වැඩේ අහවරයි.
දැං diskpart.exe
එකේ exit කියල ගහල අයිං වෙන්ට


ඊලඟට command prompt එකෙනුත් අයිං වෙන්ට..



දැං මෙහෙම පෙන් එකෙන් බූට් කලාම හරිද..??


නෑ


වින්ඩෝසුත් එපැයි.
දැං මේකට වින්ඩෝස් DVDඑකේ   තියෙන ‍FILE ඔක්කොම කොපි කරන්න HIDDEN FILE ත් එක්කම..
දැං ඕං හරි 
දැං පෙන් එකෙන් බූට් කලාම බූට් වේවි.






No comments:

Post a Comment