“Root” Android දුරකතනක් භාවිත කරන ඔබ අනිවාර්යෙන්ම අසා ඇති වචනයක්. මොකද්ද මේ root කියන්නේ? Root කිරීමෙන් වෙන්නේ android මෙහෙයුම් පද්ධතියේ admin බලතල ලබා ගැනීමයි. හරියට පරිගණයකට administrator account එකකින් log උනා වගේ. දුරකතන නිපදවන සමාගම් විසින් අපිට ලබාදෙන්නේ “guest” බලතල ඇති දුරකතනයක්. ඔවුන් එසේ කරන්නේ දුරකතනයේ ආරක්ෂාවට. හිතන්න අපි අතින් දුරකතනයේ system files delete වුනා. එසේ වුනොත් නැවත දුරකතන boot (on) වෙන්නේ නැතිවිය හැකියි. එවිට දුරකථනය විපදවූ සමගම විසින් ලබාදුන් මෘදුකාංගය මගින් නැවත දුරකථනය repair කල යුතුයි. මේ root කිරීමෙන් සිදුවන එක අවාසියක්. දැන් වාසි ගැන කතාකරමු.
1. තිබෙන මෙහෙයුම් පද්ධතියට වඩා ගුණාංග වැඩි “Custom ROM” එක භාවිතා කල හැකිවීම.
2. නවතම android සංස්කරණය භාවිතා කල හැකිවීම.
3. භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය අවශ්‍ය පරිදි වෙනස් කල හැකිවීම. (තිබෙන lock screen එක වෙනුවට galaxy nexus දුරකතයේ භාවිතා කරන lock screen එක ස්ථාපනය කිරීම, තිබෙන music player එක වෙනුවට Sony දුරකථන වල තිබෙන walkman player එක ස්ථාපනය කිරීම)
4. සමහර රටවල් වලට පමණක් සිමා වූ app භාවිතා කිරීම. (Google maps navigation ලංකාවේ අපිට භාවිතා කල නොහැකි වුවත් එය භාවිතා කල හැකි සේ සකස්කර ගතහැක.)
5.දුරකතනේ performance වැඩි කර ගත හැකිවීම. (overclock …. )
6. අවශ්‍ය application backup කරගත හැකිවීම.
වැඩි විස්තර:
http://www.droidslk.com/archives/103
දැන් ඉස්සර වගේ root කරන්න දුරකතය fastboot එකෙන් boot කරල bootloader එක unlock කරල command prompt එකේ command ගහ ගහ ඉන්න ඕනේ නැ. එක click එකෙන් root කරන්න පුළුවන් මෘදුකාංග දැන් තිබෙනවා. දැන් අපි බලමු ඒවගේ මෘදුකාංගයක් බාවිතයෙන් SONY XPERIA S දුරකතනක් කොහොමද root කරන්නේ කියල.
මෙම ක්‍රියාවලිය කිරීමෙන් දුරකතනයේ වගකීම අවලංගු වියහැකි අතර දුරකතනයේ දත්ත මැකීයාමට ඉඩ ඇත. (සාමාන්‍යයෙන් එසේ සිදු නොවේ) එම නිසා මෙම ක්‍රියාවලිය කිරීමට පෙර අවශ්‍ය දත්ත backup කරන්න.
මෙම මෘදුකාංගය සදා තිබෙන්නේ XDA Developers අඩවියේ Bin4ry යන සාමාජිකයා විසින් , ඒ අනුව පහත දුරකතන මෙම මෘදුකාංගය භාවිතයෙන් root කල හැකි බව තහවුරු කර තිබෙනවා.
Sony Xperia : S, T, P , Acro S, Ion , Tipo , Tablet S, Go, Sola, U
XTouch: X401
Jiayu G2-S
LG: P705, P7510
HTC: One S, Sensation XL [ICS 4.03], Desire S
Kyocera: Rise & Hydro
Samsung: Galaxy S2
Ainol: Novo 7 Tornado 7
Prestigio: MultiPad PMP5197D 9.7 ULTRA
HDC: I9300 S3 clone
1. දුරකතන නවතම android සංස්කරණයට update කරගන්න. Setting => Developer option වෙත ගොස් USB debugging enable කරන්න.
2. මෙම ගොනුව download කර unzip කරගන්න.
http://db.tt/mwSksNIh3. දැන් RunMe ගොනුව විවෘත කරන්න.

4. අංක එක ඔබා Enter කරන්න.

5. Data cable එක මගින් දුරකථනය පරිගණකයට සම්බන්ද කරන්න.
6.

දැන් දුරකතනේ Back up & restore app එක විවෘත වී ඇත. එහි restore button එක ඔබන්න.

7. ඉන්පසු දුරකථනය reboot වේ.

8. දැන් දුරකථනය root වී ඇත.

9. දැන් keyboard එකේ ඕනෑම button එකක් ඔබා exit වෙන්න.
10. දැන් data cable එක ගලවා Menu එක වෙත ගොස් “SuperSU” app එක ස්ථාපනය වී ඇත්දැයි බලන්න.

දැන් ඔබ සතුව තිබෙන්නේ root කල දුරකතනයකි. root කරපු එකේ phone එකට සිංහලත් දාගමු.
ඔබ දන්නවා android OS එක තාම සිංහල සහයක් නොදක්වන බව.(එහෙත් Samsung android 4.0 update එකෙහි සිංහල අන්තර්ගතයි.) පහත තිබෙන්නේ සිංහල wikipedia page එක Xperia S දුරකතනයේ පෙන්වන අන්දම.

දැන් බලමු කොහොමද සිංහල දන්නේ කියල. 100% සිංහල rendering වෙන්නේ නැති වුවත් කියවා ගත හැකි මට්ටමේ තිබෙනවා.
3. දැන් Root Explorer open කරන්න. Super user permission එක grant කරන්න.
4. එහි sdcard folder එක වෙත ගොස් DroidSansFallback.ttf file එක copy කරගන්න. (long press on DroidSansFallback.ttf)
5. දැන් back button එක ඔබා /system/fonts folder එකට යන්න. ඉන්පසු ඉහල ඇති “Mount R/W” button එක ඔබන්න.

6. දැන් paste කරන්න. overwrite කිරීමකදී එන warning message එක yes කරන්න.
7. Paste කරගත් DroidSansFallback.ttf file එකෙහි permission පහත ආකාරය වෙනස් කරන්න. (long press on DroidSansFallback.ttf => Permission)

8. දැන් phone එක Reboot කරන්න.
9. Phone එක reboot කරගත් පසු සිංහල wikipedia page එක සහ DroidSLK page එක පෙනෙන අන්දම පහත දැක්වේ.


ඔන්න සිංහලත් දැන්මා. තවත් දවසක හමුවෙමු. ජය වේවා!!! ඊලග පොස්ට් එක ගැන පොඩි hint එකක්


http://www.droidslk.com/archives/1149